A review by ramblingsofareader
පේමතෝ ජායතී අසෝකෝ by ඉසුරු ප්‍රසංග

4.0

පේමතෝ ජායතී අසෝකෝ ප්‍රකාශයට පත් වුනේ 2017 වසරේ. ඒ වගේම 2018 වසරේ ස්වර්ණ පුස්තක දිගු ලැයිස්තුවට නිර්දේශ වුණා. මේ පොත මාත් සමග ලංකාවෙ ගොඩක් පළාත් වලට සංචාරය කළා. ඒත් ඒ හැම පාරම කියවන්න පටන් අරගෙන පැත්තකින් තියන්න වුණේ නවකතාවක් විදියට එහි ගලායාම මට "සෙට්" වුණේ නැති නිසයි.

ඒත් කියවීමෙන් විරාමයක් ගත්ත දිගු කාලයකට පස්සේ නැවත මෙය කියවීම ආරම්භ කරන්නට මට සිතුනා. ඒ මෙය කියවිය යුතුම පොතක් බව හිතවත් පොත් කාවන් කිහිප දෙනෙක් කියූ නිසයි.

මේ නවකතාව පුරාම මං දැක්ක වැදගත්ම ලක්ෂණය වුණේ අවංක බව. සමාජයට කෙසේ වෙතත් තමන්ට අවංක වෙන චරිත නවකතාවල ඉන්නෙ අඩුවෙන්. මේ ඒ අඩුව පුරවන චරිත ඉන්න නවකතාවක්.

ඒ වගේම සමබර බව. එක් එක් දේශපාලන ඇජෙන්ඩා වල හොඳ වගේම නරක සමසමව කියන්න කතුවරයා හොඳ උත්සාහයක් දරා තිබෙනවා.

මේ පොත කිහිප වරක් උත්සහ දරා හෝ කියවීම ගැන මට අප්‍රමාණ සතුටක් තිබෙනවා. ඒ, එය කියවීම මම එතරම් වින්දනය කළ නිසයි. එබැවින් මෙය කියවීමට දිරි ගැන්වූ පොත් මිතුරන්ට ස්තූතියි