A review by ramblingsofareader
Custody by Manju Kapur

3.0

ඉන්දියානු රචකයින් විසින් රචිත ඉංග්‍රීසි පොත්වල දකින්න පුළුවන් වෙන ඉතාම සරල ඉංග්‍රීසි භාාෂාවෙන් තමයි මේ පොත රචනා වෙලා තියෙන්නෙ. ඒ නිසා කියවීම ඉතාම පහසුයි.
ඉන්දීය පවුලක් විස්තෘතයි. පරම්පරා 3ක් පමණ එකට වාසය කරනවා. ඒ නිසා එක් පරම්පරාවක පවුලක සිදුවන වෙනස්කම් අපි හිතනවටත් වඩා වැඩියෙන් අනිත් පරම්පරා වලට බලපානවා. ඒ බලපෑම් සියල්ල කතුවරිය මනාව විස්තර කරනවා. ඇය යොදාගන්නෙ හරිම සෞම්‍ය භාෂාවක්. චේතන් භගත් ගේ පොත් වල දකින්න ලැබෙන "සාම්ප්‍රදායික හින්දි ෆිල්ම්" ආකෘතියෙන් යම් තරමකට මේ පොතේ අන්තර්ගතය වෙනස් වෙනවා..
බටහිර රටවල දක්නට ලැබෙනවාට වඩා "පවුල" කියන සංකල්පය ආසියානු රටවල වැදගත්කමක් උසුලනවා. එබැවින් එක් පවුලක් කැඩී යාමත් ඒ හා සමග තවත් පවුල් කිහිපයක ගොඩනැගීමත් ඇය හරි අපූරුවට විස්තර කරනවා..