A review by ramblingsofareader
ඒ ඔහු නොවේ by සුසිත රුවන්

5.0

මම මින් පෙර ඔහුගේ පොත් කියවා නැහැ. ඒත් පොත කියවාගෙන යද්දි මම කියවලා තියෙන ගොඩක් ඉංග්‍රීසි නවකතා වල හුරුවක් මම දැක්කා. ඒත් "ඒ ඔහු නොවේ" කියවීම ගොඩක් රසවත් අත්දැකීමක්. එකිනෙකට වෙනස් සිදුවීම් ගොඩක් අන්තිමට එකම සිදුවීමක පුරුක් බවට පත්වෙලා එකිනෙකට සම්බන්ධ වෙනවා. කුතුහලය අඩු නැතිව පොතේ මුල ඉඳන් අග වෙනකම් පාඨකයා රඳවගන්න කතාව ගලාගෙන යන විදිය ගොඩක් උපකාරී වෙනවා.
ඒත් මට හිතෙන විදියට විපුල ගේ චරිතය ඔච්චර ඉක්මනට මරලා දාන්නෙ නැතුව එයාගෙනුත් කතාවෙ ඉදිරියට වැඩක් ගන්න තිබුණා. ඒ වගේම නයෝමි හා ආලෝක අතර සම්බන්ධතාව ඇතිවෙන විදියෙ විශ්වාසනීත්වය මදි. ඒ කොහොම වුණත් සිංහල පාඨකයාට මේ පොත නැවුම්, රසවත් අත්දැකීමක් වේවි.