A review by ramblingsofareader
කුමර කොබෙයි by ශමෙල් ජයකොඩි

4.0

මීට කලින් ශමෙල් ජයකොඩි ගෙ ප්‍රංශ පෙම්වතා, ඇමරිකා යන කෘති දෙකම මෑත කාලයේ කියෙව්වත් ඒ දෙකටම පෞද්ගලිකව එතරම් ප්‍රියතාවයක් ඇති වුනේ නැහැ. ඒ නිසා කුමර කොබෙයි මිලට ගැනීම පිළිබඳ මගේ හිතේ ඇතිවුනේ දෙගිඩියාවක්.

එහෙත් මෑතකදී නොසිතූ ලෙස කුමර කොබෙයි කියවන්නට අවස්ථාවක් ලැබුණා. පොත කියවන අතරතුරේ, එය කියවීමට ගත් තීරණය පිළිබඳ ඇතිවුනේ සතුටක්.

ඉන්දිකා, නිර්මලා සහ අරුන්දතී අත්ලාන්තික් සාගර කෙළවරේ සිට පැසිෆික් සාගර කෙළවරට ගමන් කරන්නේ ඉන්දිකාගෙ පෙම්වතා වන කාලිංග මුණ ගැහීමේ අරමුණෙන්. ඒ ගමන අතරතුර එක් එක් චරිත වල ඇතුලාන්තය ගැන වගේම ඔවුන්ගේ අදහස් ආදිය ගැන කෙරෙන කතාවක් තමයි මේ.

මිනිස් සබඳතා කියන්නෙ හරිම සංකීර්ණ දෙයක්. හරි මොකද්ද වැරදි මොකද්ද කියල ඉරකින් වෙන් කරන්න බැහැ. ඉතින් ඒ වගේ සබඳතා ගණනාවක් ගැන මේ පොතේ කතා කෙරෙනවා.

චරිත තුන ඇතුලෙම සම්ප්‍රදායික ගැහැනියත් ඒ සම්ප්‍රදාය උත්ක්‍රමණය කළ ගැහැනියත් යන දෙදෙනාම ඉන්නවා. තුන් දෙනාම දිවි ගෙවන්නෙ ඒ අතරමැද.

මං බොහොම රසවිඳපු පොතක්. මේ පොත නොකියවා සිටියා නම් අපරාදෙ යැයි සිතෙන තරම් රසවත් පොතක්.